ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. කතරගම, ශ්‍රී ලංකාවෙ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට කි.මී. 228ක් දුරින් පිහිටා තිබේ.

අතීතය

පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. උෟව පළාෙත් ෙමාණරාගල දිස්ත්‍රික්කෙය් පිහිටි  ෙඑතිහාසික කතරගම දකුණු පළාෙත් හම්බන්ෙතාට දිස්ත්‍රික්කයට අාසන්නෙය් පිහිටි එකකි. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.

සංචාරක ආකර්ෂණ

කතරගම කිරිවෙහෙර

Comments

Popular posts from this blog

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

සීගිරියේ සඟවා දැමූ අභිරහස්